Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලිට්රෝ සමාගම කරන්නේ පහත් පෙළේ වැඩ ලාෆ් සභාපති නිහඬ බව බිඳී : ගෑස් සැපයීමේ ඒකාධිකාරී බලය ආණ්ඩුව විසින් එක් පාර්ශවයක් වෙත පැවරීම අර්බුදයට මුල බවත් කියයි

ලාෆ් සිලින්ඩර් උස්සලා නිල්පාට කරන ගේමකුත් මාට්ටු වෙලා

රජයේ මැදිහත් වීම මත ක්‍රියාතමක වන ලිට්‍රෝ සමාගම විසින් ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය වෙනස් කරමින් බාල අයුරින් කටයුතු කිරීම මතුව ඇති ප්‍රශ්නයට මූලික වූ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසනවා.

මෙම තත්වය පිළිබදව තමන් දැන සිටි බවත් මේ සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිස් ඉදිරිපත් කළ කිසිදු අදහසක් අදාල වගකිවයුත්තන් මායිම් නොකළ බවත් ඔහු සඳහන් කළේ පසුගියදා සිය ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තත්ත්වයෙන් බාල ගෑස් මෙරටට ආනයනය කර බෙදාහැරීම සිදු වූ බවද වැගපිටිය මහතා මෙහිදී සඳහන් කළා.

මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ මෙරටට ගෑස් සැපයීමේ ඒකාධිකාරය එක් සමාගමක් වෙත පැවරීමට රජය කටයුතු කිරීම බව ද වැගපිටිය මහතා මෙහිදී සඳහන් කළා.

ගෙවුණු වසර 25 තුළ දීම මෙවැනි දෙයක් සිදුවූ බව ද වෑගපිටිය මහතා සඳහන් කළා.

රට තුළ ගෑස් අලෙවියේ ඒකාධිකාරය ඇල්ලීමේ කුමන්ත්‍රණයක්

මෙම සිදුවීම් පිටුපස මෙරට ගෑස් අලෙවියේ ඒකාධිකාරී බලය ලබාගැනීමේ යම් පාර්ශවයක උත්සාහයක් නවතින්නේ දැයි මාධ්‍යවේදියකු ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් වැගපිටිය මහතා සඳහන් කළේ එවැන්නක් සිදුවිය හැකි බවට තමාට ද මේ වන විට සැක මතු වී ඇති බවයි.

ලාෆ් ගෑස් සමාගෙම් කහ පැහැති සිලින්ඩර ලිත්‍රො සමාගමේ නියෝජිතයන් හරහා නිල් පාට ගැන්වීමේ වැඩපිළිවෙළක් සංවිධානාත්මක ක්‍රියාත්මක කරමින් ඇතැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා එහිදී අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට පැමිණිලි කර ඇති බවද කී ඔහු ඉදිරියේ දී අධිකරණය හමුවට යන බව පැවසුවා.

දැනට තම සමාගම විසින් ගෑස් බෙදාදීම අඩාල වී ඇත්තේ ණයවර ලිපි සදහා ඩොලර් ලබා නොදිම නිසා බවත් කී ඔහු ප්‍රමාණවත් ඩොලර් ලබාදෙන්නේ නම් ඉතා ඉක්මනින් තත්වය විසඳාලිය හැකි බවද සඳහන් කළා.

About The Author