අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩිකිරීමට ගෙන තිබු තීරණය සදහා රජයේ අනුමැතිය හිමි නොවු බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ දැමීමට ගෙන තිබු තීරණය ක්‍රියාත්මක නොවන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මේ වන විට වෙළඳ පොළ තුළ ලිට්‍රෝ ගෑස් අලෙවි ජාලය බිඳ වැටි ඇති අතර සමාගම පවසන්නේ ඉදිර දින කිහිපය තුළ අදාළ ගැටළුව විසඳන බවයි.
නමුත් මීට පෙර අවස්ථා රැසකදී කිරිපිටි සමාගම්, ඉන්ධන සමාගම් සහ තිරිඟු පිටි සමාගම් ඇතුළු සමාගම් රැසක් තම අභිමතය පරිදි භාණ්ඩ මිල වැඩි කිරීම සිදුකල අතර එහිදී රජය ඒ සඳහා මැදිහත් වීමට හැකි වූයේ නැහැ.
මේ අතර සමාගමේ සභාපති තෙශාර ජයසිංහ මහතා පසුගියදා ආයතනයෙහි ක්‍රියාකාරීත්වය සහ දේශපාලන අතපෙවීම් හේතුවෙන් සිදු වී ඇති අගතිය පිළිබඳ විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.
පුරප්පාඩු ධුරය සඳහා මේ වන විට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.
ඒ විජිත හේරත් මහතායි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට