Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලිට්රෝ කළ දේ ලාෆුත් කරයි – ඒකාධිකාරයේ ගෑස් පෙන්නයි

ලිට්රෝ සමගම විසින් කිලෝ ග්‍රෑම් 12. 5 වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 9.2 ලෙස අඩුකරමින් උපක්‍රමශීලී ලෙස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 406 ශත 50 කින් පමණ ඉහළ නංවමින් හයිබ්‍රිඩ් ප්‍රිමියම් නමින් පැවති ගෑස් සිලින්ඩරයටම නව ලේබලයක් එක්කොට වෙළදපොළට එක කර තිබුණි.

පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධාන රැසක් පෙන්වා දුන්නේ මෙය ඉතා අසාධාරණ ලෙස ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගනු ලැබූ කුඨ වෙළදපොල උපක්‍රමයක් බවයි.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාළ ගෑස් සිලින්ඩර වහා වෙළදපොළෙන් ඉවත් කරගන්නා ලෙස අදාළ සමාගමට උපදෙස් ලබාදුන් අතර සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද සඳහන් කළා.

කෙසේ වෙතත් මේ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරමින් ලාෆ් ගෑස් සමාගමද මේ අයුරින්ම සිලින්ඩරයක් වෙළඳපොළට හදුන්ව දී තිබෙනවා.

ඒ ලිට්රෝ ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් විශාල ජනතා විරෝධයක් මෙන්ම මෙම නව ගෑස් සිලින්ඩරය පාරිභෝගික අධිකාරී පනතන අනුකූල නොවන බව දැනුම් දෙමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂණයක්ද පවත්වන බව පවසන වට පිටාවකයි.

About The Author