Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලලිත් අඹන්වෙලගෙන් කෝප් කමිටුවේ වත්මන් සභාපති චරිත හේරත්ට චරිත සහතිකයක් – සනත් බාලසූරිය

රාජකාරිය හරියාකාරව ඉටුකිරීම නිසා දූෂිතයන්ගේ ඇසිඩ් ප්‍රහාරයට පවා ලක්වූ, පසුගිය දා සිය දිවිගමන නිමාකළ හිටපු අතිරේක විගනකාධිපති ලලිත් අඹන්වෙල මහතා පුවත්පතක් සඳහා ලබාදුන් අවසන් සාකච්ඡාව, අනිද්දා පුවත්පත වෙනුවෙන් තරිඳු උදුවරගෙදර සිදුකර තිබේ.

මේ සාකච්ඡාවේ දී අඹන්වෙල මහතා පහත එන චරිත සහතිකය හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ උපදේශකයෙක් හා ලේකම්වරයෙක් වූ, අප හිතවත් චරිත හේරත්ට ලබාදී තිබේ.

උපුටා ගැනීම..

“දැන් කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා. ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්. ඒ කාලයේ මම විගණනය කරලා, ඔහුට ලිපි ලියා තියෙනවා. පියවර ගැනීමට. වංචා ගොඩක් තිබුණා. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම කියලා, ඒකේ සභාපතිවරයා ඥාතියෙකුගේ ගිණුමකට මිලියන හතළිස් ගාණක් සල්ලි අරන්. ඒ ගැන මම ඒ කාලයේ කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාට ලීවා. ඩිව් ගුණසේකර මහතා සීඅයිඩීයට පැමිණිලි කරන්න නිර්දේශ දුන්නත් අමාත්‍යාංශ ලේකම් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. එහෙම නිහඬව සිටි කෙනා දැන් කෝප් සභාපති කරලා”

හිතවත් චරිත,මහා ස්වභාවික ආපදාවක් වූ සුනාමියට ලැබුණු ආධාර මුදල් පමණක් නොව මහා වසංගතයක් මැඩපැවැත්වීම උදෙසා මිනිස්සුන්ගෙන් එකතු කරගත් ‘ඉටුකම’ අරමුදලෙන් ද ගසාකන්නට තරම් නින්දිත වූ බවට මිනිසුන්ගේම චෝදනාවට ලක්වන පවුල් ආණ්ඩුවක කෝප් කමිටු සභාපති වන්නට ඔබට හොඳටම සුදුසුකම් තිබෙන බවට, මේ සුවිශේෂ විගණන නිලධාරියාගේ සහතිකය වුව ප්‍රමාණවත් ය.

නොනැවතී ඔය මඟ ඉදිරියටම යන්න,සුබ අනාගතයක්..!

© සනත් බාලසුරිය

අනිද්දා පුවත් පතේ මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර මහතා විසින් හිටපු අතිරේක විගනකාධිපති ලලිත් අඹන්වෙල මහතා සමග සිදුකළ සම්පූර්ණ කතාබහ මෙතනින්..

About The Author