Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලක්ෂ හත්දහසක් වැය කොට මාස තුනකින් කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් නිපදවීමට යයි

මේ වසරේ සැප්තැම්බර් මස වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (3) ඉඩම් අමාත්‍යාංශය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දීම සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉඩම් අමාත්‍යාංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අරමුදලින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන මුදල රුපියල් ලක්ෂ හත්දහසක් (7000).

මේ මුදල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදවන අතර, නැවත කෘෂිකර්ම අමාත්‍යාංශයට නිෂ්පාදන අලෙවි කිරීමෙන් පසු චක්‍රීය ක්‍රමයට නැවත නැවත මුදල් ඒ සඳහා යෙදවීම ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ අරමුණ වී තිබෙනවා.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති මූලික වටය යටතේ උතුරු මැද පළාතේ මහා පරිමාණ ව්‍යාපෘති තිස්පහක (35) ක්‍රියාවට නැංවෙනවා.

මේ සඳහා ව්‍යවසායකයන් තුන්සියයක් (300) එක් කර ගැනීම අරමුණයි.

© දිනමිණ

About The Author