මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද ( 07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය මෙරට ඉතිහාසයේ “හොඳම ජනතාවාදී අයවැය” වනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
අමාත්‍ය විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2026 අයවැය වෙනදා මෙන් නොව, ජනතාවාදී අයවැයක් බවට පත් කිරීම සඳහා බිම්මට්ටමේ යෝජනා කල් ඇතිව ලබාගෙන ඇති බවයි. එම යෝජනා සියල්ලම සැලකිල්ලට ගනිමින්, පසුගිය වසරට වඩා “සරුසාර අයවැයක්” 2026 වසර සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බවට ඔහු විශ්වාසය පළ කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට