Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාව 6 සිට 3 ට : මීළගට ලොවෙහි 1 ලංකාවට ද ?

දිනෙන් දින උද්ගත වන ආර්ථික අර්බුදය හමුවේ ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව 17.50% ක් ව තිබු ශ්‍රී ලංකාවේ උද්ධමනය 119% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය පාලනය කරගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි මහාචාර්ය ස්ටීව් හැන්කි පෙන්වා දෙන්නේ.

About The Author