අපිට වැඩි වාසි ඕන නෑ චීන තනාපති කියයි
ශ්‍රී ලංකා විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇති බව කොළඹ සිටින චීන තානාපති වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් අද හෙළි කළා.
චී ෂෙන්හොන් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම ණය පහසුකම ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක මුදලක් හා භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලෙස බවයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම පිළිබඳව චීනය තවමත් සලකා බලමින් සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකාව සහ චීනය ඉතා හොඳ මිතුරන් බවත් අර්බුදකාරී අවස්ථාවක චීනය මිතුරන් අත් නොහරින බවත් පැවසු ඔහු, දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුමෙන් චීනය වැඩි වාසි ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව ද පැවසුවා.
ශ‍්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ දී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඉඩ නොතබන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට