Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාව අවදානම ඉහලම 4 වන මට්ටමේ – සංචාරය කරන්න හිතන්නවත් එපා

ඇමෙරිකාව තම ජනතාවට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ එය හතරවන මට්ටමේ ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි.

ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ය විසින් මෙම දැනුම් දීම කර තිබෙනවා.

About The Author