ඉන්ධන අර්බුදය තවත් නරක අතට
ආණ්ඩුවටද සම්බන්ධකම් කියන හෝටල් සහ මුල්‍ය සමාගම් රැසක හිමිකරුවෙකු වන මෙම සුපිරි ව්‍යාපාරිකයෙකු මේ වන විට ඉන්ධන තොග දහස් ගණනක් සිය ව්‍යාපාරික ස්ථානවල ගබඩා කරගෙන ඇති බවට කරුණු හෙළිව තිබෙනවා.
නිදසුනක් ලෙස ඩීසල් ලීටර 800 ක් අවශ්‍ය වන ස්ථානයකට අදාළ ව්‍යාපාරිකයා විසින් ඩීසල් ලීටර 8000 ක තොගයක් රැඟෙන ගෙන ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද දැනගන්නට ලැබී ඇති බවද අභ්‍යන්තර තොරතුරු හරහා මී මැස්සාට වාර්තා වුණා.
මේ අයුරින් තවත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසින් බවුසර් රථ වෙන් කරගනිමින් ඉන්ධන තොග පුද්ගලිකවම ගබඩා කර ගැනීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී ඇත්තේ බස් රථ සහ අත්‍යවශ්‍ය ගිලන් රථ සහ වාහන සඳහා ද ඩීසල් නොමැති වාතාවරණයක් තුළයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?