ශ්‍රී ලංකා ප්‍රේමතී බොහෝ නගර ද අවලස්සන ඒවා බව ආණ්ඩුව පවසයි.
ලංකාවේ තෝරාගත් නගර සියයක් ලස්සන නගර බවට පත් කිරිම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
නගර නිර්මාණයේදී සිදුවී ඇති අක්‍රමවත් බව වෙනුවට ක්‍රමවත් සහ ජනතාවට ප්‍රසන්න ආකාරයෙන් නගර ගොඩ නැගීම සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වන බවයි රජය පවසන්නේ.
අදාළ කැබිනට් යෝජනාව පහළින්..
නගර සියයක් අලංකරණය කිරීමේ වැඩසටහන (සියක් නගර වැඩසටහන) – |
---|
අසංවිධිත සංවර්ධනය හේතුවෙන් රට පුරා විහිදී ඇති ඇතැම් දෙවන හා තෙවන මට්ටමේ නගර කලක සිට අපිළිවෙළ, අවලක්ෂණ හා මහජනයාට පීඩාකාරී නගර ලෙස පවතින අතර එම නගර බොහොමයක් ක්‍රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙළකට අනුව අවශ්‍ය පියවර ගැනීම තුළින් මහජනතාව සඳහා හිතකාමී, ප්‍රසන්න නගර බවට පරිවර්තනය කිරීමට හැකියාව පවතී. ඒ අනුව, රට පුරා විසිරී ඇති එවැනි නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සැපයීමේ වගකීම් පැවරී ඇති රජයේ සියලු ආයතන හා අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගේ සහාය ඇතිව “සියක් නගර” නමින් වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට