හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද(30) උදෑසන අපවත්ව තිබෙනවා.
ඒ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි.
අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූ උන්වහන්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුව ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන උන්වහන්සේ එංගලන්තයේ Lancaster විශ්ව විද්‍යාලය මගින් ප්රදානය කළ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් එම විශ්වවිද්‍යාලයෙන් “සංසන්දනාත්මක ආගම් සහ තුන්වන ලෝක සංවර්ධනය” විෂයන් යටතේ විශේෂ උපාධියක්ද හිමිකරගෙන තිබෙනවා.
වාසුදේව නානායක්කාර මහතා සමගින් උන්වහන්සේ නව සම සමාජ පක්ෂය හරහා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අතර 1997 වසරේදී දකුණු පළාත් සභාවටත් 2001 වසරේදී පාර්ලිමේන්තුවටත් තේරී පත්වුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට