ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළම පිහිටුවීම සඳහා ඉන්දීය මධ්‍යම රජය නියෝජනය කරන අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සහ තමිල්නාඩුවේ දේශපලනයේ නිරත සමස්ත ඉන්දීය මුනේත්‍ර කලහම් පක්ෂය හෙවත් (AIADMK) ය එකඟතාවයක් ඇතිකර ගෙන තිබෙනවා.
මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය (BJP), සමස්ත ඉන්දීය මුනේත්‍ර කලහම් පක්ෂය හෙවත් (AIADMK) ය සමග සන්ධානයක් ඇති කරගෙන තිබෙන අතර ඔවුන් විසින් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක් නිර්මාණය කිරීම පොළඹවන බවයි.
මෙය වෙනත් රටක ස්වෛරී භාවය සම්බන්ධයෙන් සිදු කරන ලද බරපතල ප්‍රකාශයක් වන අතර ශ්‍රී ලංකාව තුළ සිදු වූ බව පැවසෙන යුධ අපරාධ , ලිංගික හිංසන ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු වූ ගැහැට වෙනුවෙන් අපරාධකරුවන්ට දඩුවම් කිරීම සඳහාත් දෙමල ජනතාවට නිදහසේ ජීවත් වීමට අවකාශ සැලසීම සඳහාත් යැයි පවසමින් එම යෝජනාව කරන බව අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබෙනවා.
එමෙන්ම මෙම සන්ධානය තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකික සරණාගතයන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා.
එවැනි පසුබිමක් තුළ එලෙස ද්විත්ව පුරවැසි භාවය ලැබූ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී දේශපාලනය කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාව තුල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට සම්මත වී තිබීමද විශේෂත්වයක්.
© මුලාශ්‍රය – සිරස News 1st
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට