Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ දුපතක චීන මැදිහත්වීමෙන් නීති විරෝධී ව්‍යාපෘතියක් – ප්‍රදේශවාසීන් කැළඹෙයි

අදාළ කිසිදු ආයතනයකින් අවසරයක් ලබා නොගනිමින් චීනයේ මැදිහත් වීම මත සිදුකරන ලද මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා

කිලිනොච්චිය පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූවරසන් දූපත තුළ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් විසින් බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

මෙහි බරපතලම කරුණ වන්නේ ප්‍රදේශයේ ජනතාව අවස්ථා ගණනාවක දීම තමන්ගේ ජීවනෝපාය සරි කර ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ මුහුදු කුඩැල්ලා බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවසර ඉල්ලා ඇතත් ඔවුන්ට එම අවසරය හිමි නොවූ පසුබිමක චීනයට සම්බන්ධ මෙම සමාගමට එම අවසරය හිමි වීමයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද නොසන්සුන්තාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ද මේ පිළිබඳව කිසිදු තොරතුරක් දැන සිට නැහැ.

කෙසේවෙතත් ලද තොරතුරු අනුව මෙම නීති විරෝධී ව්‍යාපෘතිය පිළිබඳ ඔවුන් විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති අතර වහාම එම ව්‍යාපෘතිය නතර කරන ලෙස ද අදාල ආයතනයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

About The Author