Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ දී ඉටු නොවූ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් නිශාන්ත සිල්වා ජිනීවා සාක්ෂිකරුවෙකු වෙයි

2019 වසරේ සිදු වූ බලපෙරළිය සමගින් මෙරටින් පලාගිය රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ තොරතුරු රැස්කරන විශේෂ කණ්ඩායමට තොරතුරු ලබාදෙන අංක එකේ සාක්ෂිකරුවෙකු බවට පත්ව සිටින බව දිවයින වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ අපරාධ ගණනාවක සහ අපරාධකරුවන් රැසකගේ තොරතුරු ඔහු සතුව ඇති බවත් විශේෂයෙන්ම මෙරට තුළ විභාග වූ තීරණාත්මක නඩු කිහිපයක බී වාර්තා ද ඔහු සතුව ඇති බවට ද තොරතුරු වාර්තා කර තිබෙනවා.

දිවයින වාර්තාකරණ ආකාරයට අපරාධ සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්ෂි ද ඔහු විසින් එක්රැස් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියකු පවසා තිබෙන්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඔවුන්ගේ අතිශයින්ම වැදගත් සාක්ෂිකරු බවයි.

ඔහු විසින් 2015ට පෙර පැවති රජය සමයේ සිදුවූ අපරාධ ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධීන් රැසක් පිළිබඳ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ආමි සුරංග නම් පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු දැනට රැකවරණ ලබා සිටින ස්විස් රජය විසින් ඔහු මෙරට ට එවීම ප්‍රතික්ෂේප කර ඇති බවද දිවයින වාර්තා කරනවා.

එපමණක් ද නොව ඔහුගේ ආරක්ෂාව සඳහා ස්විස් රජය විසින් විශේෂ ආරක්ෂකයින් දෙදෙනකු ද ලබාදී ඇති බව සඳහන්.

About The Author