Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ ඇත්තේ නීතියද? කැලෑ නීතියද? විපක්ෂ නායක සජිත්, කතානායකගේ මුහුණටම අසයි

මහදවල්, ජනතා පරමාධිපත්‍යය බලය කෙලෙසා – මන්ත්‍රී වරප්‍රසාද කෙල පිඬක් සේ ඉවතලූ බවට රජයට චෝදනා

ගුරු විරෝධතාවයට සහභාගී වූ ගුරුවරුන් 44 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් රඳවා තිබුණේ කොළඹ වරාය තුළ බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ නීතිඥවරුන් දෙදෙනෙකු උත්සහ කළ අවස්ථාවේ පොලිසිය මැදිහත් වී එම උත්සාහය ව්‍යාර්ථ කර තිබෙනවා.

එලෙස රටේ විපක්ෂ නායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද උල්ලංඝනය කළ බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන්ද ප්‍රශ්න කරනු ලැබූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය රට තුළ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමකට වඩා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පයින් ගසා දැමීමේ සිදු වීමක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බන්ධනාගාරයකට වුවද ගොස් රදවියෙකු මුණ ගැසීමට හැකියාව පවතින වටපිටාවක අද සිදුවූ සිද්ධිය බරපතල අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා.

රටේ නීතිය සහ මන්ත්‍රී වරප්‍රසාද කෙල පිඬක් සේ බැහැර කිරීමට රජය කටයුතු කරන්නේ නම් එහි අවසන් ප්‍රතිපලය රට තුළ ෆැසිස්ට් පාලනයක් නිර්මාණය වීම පමණක් බවයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ.

About The Author