රොබෝ යන්ත්‍රයක පහරදීමකින් දකුණු කොරියාවේ සමාගම සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින් මෙම පුද්ගලයාට පහර දී ඇත.
40 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා, රොබෝ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිද්ධිය සිදු ව තිබේ. රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බව දකුණු කොරියානු ප්රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත් වී තිබේ.
රොබෝ යන්ත්‍රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමය.
නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබ තිබේ.
ඒ අනුව පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බව පොලීසිය වාර්තා කරයි.
මේ ආකාරයට මාර්තු මාසයේ ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටිය දී 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු රොබෝවරයෙකුට හසු වීමෙන් බරපතළ තුවාල ලැබීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට