ස්ථානාධිපතිවරු 44 ක් තවත් 121 ආසාදිත වෙලා
දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙක් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමේතුවට අයත් සේවකයන් 121 ක් අද (18) පස්වරුව වන විට ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසනවා.
දුම්රිය නියාමකවරුන් 14 ක් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන් 63 ක් ‘කොවිඩ්’ ආසාදිත පිරිසට ඇතුළත්ව සිටින බව කී කසුන් චාමර මහතා අද දිනයේ පමණක් ආසාදිතයන් හය දෙනෙක් අලුතින් හදුනාගෙන ඇති බව සඳහන් කළා.
‘කොවිඩ්’ ආසාදිතයන් හදුනාගැනීම නිසා අද (18) පස්වරුව වන විට දුම්රිය ස්ථාන නවයක් වසා තිබූ බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ඉඳුරුව, විල්වත්ත, හෙට්ටිමුල්ල, එගොඩඋයන, උතුරු කළුතර, ගම්මාන තල්පේ, තලෙයිමන්නාරම සහ බුළුගගොඩ යන දුම්රිය ස්ථාන මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට