ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ.
අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ඊට අදාළ කරුණු අධ්‍යයනය කර, අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර තිබේ.
එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.
*වරයා, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා
*වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
*මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
*ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා
*මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට