ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනී ගුණරත්න මහතායි.
සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම් සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ ඩයස් යන මහත්වරුන් පත්කර තිබෙනවා.
කොමිසම සඳහා මහජනතාව සහ වෙනත් පාර්ශවයන්ගෙන්ද අදහස් කැඳවීමටත්, වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගැනීමටත් නියම කර තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම, රේගුව තුළ සිදුවන් බව පැවසෙන අක්‍රමිකතා හඳුනාගෙන එම අක්‍රමිකතා වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම, රේගු සේවය කාර්යක්ෂම හා ඵලදායී සේවයක් බවට පත් කිරීමට අවශ්‍ය නිර්දේශ යෝජනා ඉදිරිපත් කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට