භෞමික රූපවාහිනී විකාශනය හෙවත් සාමාන්‍යයෙන් අප රට තුළ ක්‍රියාත්මක රුපවාහිනී විකාශන ක්‍රමවේදය වන ප්‍රතිසම (Analog) ක්‍රමවේදය අංකිත (Digital) ක්‍රමවේදය දක්වා වෙනස් වෙනස් කිරීමට රජය සුදානම් වන බව වාර්තා වනවා.
මේ හරහා සාමාන්‍ය රූපවාහිනී නාලිකා සඳහා වෙන් කොට තිබු තරංග සංඛ්‍යාතයන් ද අත්පත් කර ගැනීමට රජයේ සැළසුමක් ඇති බවද අප වෙත විශ්වාස වන්ත ත්රතුරු මුලාශ්‍රයක් හරහා වාර්තවනවා.
රජය විසින් නෙලුම් කුළුණ ඉදි කරන්නේද මෙම ව්‍යාපෘතිය සඳහා ද එය යොදාගත හැකි බව පවසමින්.
මෙම වැඩ පිළිවෙල මීට බොහෝ කලකට පෙර සිටම රජය සැලසුම් කර තිබුණත් එය බලාපොරොත්තු වූ අයුරින් ඉටු කර ගැනීමට රජයට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් ලොව පුරා Analog තාක්ෂණයේ සිට Digital තාක්ෂණය දක්වා රූපවාහිනී විකාශන ක්‍රමවේද මාරු කිරීම පියවර ගනිමින් පවතින අතර ඒ හරහා වඩා සුපැහැදිලි දසුන් ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවකාශ හිමිවනවා.
එමෙන්ම සංඛ්‍යා තරංග සඳහා ඇති සීමිත බවට ද එය කදිම පිලියමක් ලෙස ද සැලකෙනවා.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම කරුණ පිළිබඳ අවධානය යොමු කරමින් ජපානය සමග එක්ව ශ්‍රී ලංකාව තුළ එම කටයුත්ත සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
ඒ සඳහා ජපානය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සම්බන්ධ වී සිටින අතර ඔවුන් විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි ISDB-T තාක්ෂණය නමින් ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේද හදුන්වා දීමට තීරණය වී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව පැරණි ක්‍රමවේදය වෙනුවට අංකිත (Digital) තාක්ෂණයට අනුගත වීම හරහා වර්තමානයේ භාවිත වන සංඛ්‍යාත පරාසයෙන් (Frequency Spectrum) ඉතිරි වන කොටස ග්‍රාමීය ප්‍රදේශයන්හි අන්තර්ජාල පහසුකම් සංවර්ධනය කරමින් රැහැන් රහිත සේවා පුළුල් කිරීම වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට