Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවේ චන්ද්‍රිකාව අන් රටවලට තර්ජනයක් ලු.

රුසියාව මෑතක දී අභ්‍යවකාශයේ චන්ද්‍රිකා විරෝධී ආයුධ අත්හදා බැලූ බවට එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය චෝදනා කරති. එහෙත් රුසියාව පවසන්නේ එම චෝදනා සියල්ලෙහි දී ම නියම තත්ත්වය විකෘති කොට දක්වා ඇති බවයි. මෙයට දින කිහිපයකට ප්‍රථම රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මඟින් මෙතුවක් යවනු ලැබූ චන්ද්‍රිකාවල තත්ත්වය පරීක්ෂා කිරීම පිණිස තවත් චන්ද්‍රිකාවක් අහස්ගත කොට තිබේ. ඔවුන් පවසන්නේ එය පෙනුමෙන් ප්‍රහාරක යානයකට සමාන වුව ද, ඇතුළත තිබෙනුයේ කැඩුණු චන්ද්‍රිකාවක් පිළිසකර කිරීමට අවශ්‍ය කරන උපකරණ පමණක් බව ය. රුසියානුවන් මෙයට පෙර ද දැනුම් දී තිබුණේ තමන් අභ්‍යවකාශ උපකරණ පරීක්ෂා කිරීම සඳහා නව තාක්ෂණය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත්, එහි දී කිසිදු අභ්‍යවකාශ නීතියක් කඩ නොකරන බවත් ය.

රුසියානුවන් කෙසේ පැවසුව ද ඇමරිකා එක්සත් ජනපදය හා විශේෂයෙන් එක්සත් රාජධානිය මෙම කටයුත්ත පිළිබඳ සැක පහළ කරනු පෙනේ. එක්සත් රාජධානියේ අභ්‍යවකාශ අධ්‍යක්ෂක ප්‍රධානී, එයාර් වයිස් මාෂල්, හාවි ස්මිත් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් “ආයුධයක ලක්ෂණ සහිත ප්‍රක්ෂේපකයක් දියත් කරමින් රුසියාව සිය චන්ද්‍රිකාවක් අත්හදා බැලූ ආකාරය ගැන අපි සැලකිලිමත් වෙමු” යනුවෙන් පැවසීය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ද කියා සිටියේ රුසියාව, “කක්ෂගත චන්ද්‍රිකා විරෝධී ආයුධ ලෙස පෙනෙන යානය” භාවිත කරන ආකාරය තමන් නිරීක්ෂණය කළ බවයි. 

ඇමරිකාව හැම විට ම රුසියාවට එරෙහි ව නොයෙකුත් චෝදනා එල්ල කළ ද, එක්සත් රාජධානිය අභ්‍යවකාශයේ රුසියානුවන්ගේ හැසිරීම පිළිබඳ චෝදනා කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. එබැවින් පෙනී යන්නේ රුසියානුවන්ගේ අමුතු චන්ද්‍රිකාව පිළිබඳ ගැටලුව එකවර ම අමතක කර දැමිය නොහැකි කරුණක් බව යි.

About The Author