Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියානු ස්පුට්නික් v, එන්නත්කරණය ඇරඹෙයි – “WHO නිර්දේශ නොකළ එන්නත් වල වගකීම ගන්න බැහැ” සෞඛ්‍ය වෘත්තීය සමිති එන්නත ප්‍රතික්ෂේප කරයි

රුසියාවේ සිට පසුගිය දා මෙරටට ගෙන එනු ලැබූ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v කොරෝනා මර්ධන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ වුණා.

සෞඛ්‍ය සැපයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් ගොතටුව මාදින්නාගොඩ රජමහා විහාරස්ථානයේදී අද පෙරවරුවේ මේ සඳහා මුල පුරනු ලැබුවා.

කෙසේ වෙතත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ දක්වා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා ලැබී නොමැති බවයි.

එවැනි එන්නතක් ජනතාවට ලබාදීමේදී  යම් සංකූලතාවයක් හෝ බරපතල ප්‍රතිඵලයක් සිදු වුවහොත් ඒ සඳහා වගකීම භාර ගැනීමට කිසිවෙකු නොමැති බව පවසන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබී නොමැති නමුත් මෙරටට ගෙන්වා ඇති රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නත සහ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල තීරණය කර ඇති බවයි.

එමෙන්ම එම එන්නත් පිළිබඳ ජනතාව දැනුවත් කොට එම එන්නත ලබා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

ඒ පසුගියදා Mee Massoo TV සමඟින් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නනතේ එක් මාත්‍රාවක මිල ඩොලර් 70 ක් වන බවයි.

සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ, මිලෙන් අධික  කොරෝනා මර්ධන චීන එන්නත ලංකාවට ගෙන ඒම පිළිබඳව ද බරපතළ සැකයක් මතුව ඇති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම රුසියානු එන්නත මෙරට ජනතාවට ලබා දීම මගින් ඔවුන් පර්යේෂණාගාර මියන් බවට පත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

About The Author