ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සුබ මොහොතින් අද ආරම්භ කෙරුණා.
මාර්ග ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ආරම්භ කරන ලද්දේ අරලියගහ මන්දිරයේ සිටයි.
ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම උත්සවය නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතයි.
මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9 ක්.
අදියර 3ක් යටතේ ඉදිවන මෙම මාර්ගයේ පළමු අදියර කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයකින් යුක්තවන අතර, මේ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 54.70 ක්.
මාස 30 කින් එහි ඉදිකිරීම් 2024 වසරේ නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසු පානදුර – රත්නපුර (A-08) හා කොළඹ – වැල්ලවාය – මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා පහසුකම් සැලසෙනු ඇති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට