Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුපියල් ලක්ෂයේ වටිනාකම තිස්දාහට බැහැලා : ජනතාව ඉතිරි කළ මුදලින් 70% රාජපක්ෂ පවුල හොරා කෑවා

ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් පමණ “රාජපක්ෂවරුන්” සොරකම් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට රට මර උගුලක ඇති බව ත් ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයකට රට පත් ව ඇති බව ත් ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“රජයේ දත්තවලට අනුව උද්ධමනය 80% ආහාරවල ගිය මාසේ. අද හැන්දෑවට මේ මාසේ උද්ධමනය කීයද කියලා අපිට දැන ගන්න පුළුවන් වෙයි. හෙට පාර්ලිමේන්තු විවාදයේදී මේක කියන්න පුළුවන් වෙයි. සීයට සීයක් කිට්ටු වෙලා ද කියලා.

අවුරුදු 30ක් 40ක් වැඩ කරලා ඉතුරු කර ගත්ත දේට මොකද්ද වුණේ ගරු කතානායකතුමනි? 19 ඉඳලා 22 වෙනකන් බලන්න ඕනේ නැහැ. ඒක බැලුවොත් ඔබතුමාටත් කලන්තෙ හැදෙයි. 21 අගෝස්තු ඉඳලා 22 අගෝස්තු වෙනකන් බලන්න මොකද වුණේ කියලා.

රුපියල් ලක්ෂයක් කවුරුහරි ඉතුරු කරලා තිබ්බා නම් මේ අවුරුද්ද තුළ ඒ රුපියල් ලක්ෂයේ වටිනාකම රුපියල් 30,000ට අඩු වෙලා. අඩු කරලා. ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක වැරදි නැහැ . ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි වෙලා තියෙන්නේ.”

About The Author