මේ වනවිට ශ්‍රී ලංකාවේ පුවත් මවන්නියකවී සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරියවූ තිළිණි ප්‍රියමාලි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන්ම ස්වාමීන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදුකිරීමේ මූලස්ථානය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට අදාළ ගොඩනැගිල්ල තුළදී මහා පරිමාණ වංචාවන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට දෙවැනි වරටත් ගොස් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා පෙරේදා (15 වැනිදා) කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත යළිත් රැගෙන ගොස් තිබුණි.
සැකකාරිය අදාළ ස්ථානයට රැගෙන එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනද එම ස්ථානයට කැඳවා තිබුණි. එහිදී ජානකී සිරිවර්ධන නමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී තිළිණි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනු රැසක් සිය ක්‍රිෂ් ගොඩනැගිලි කාර්යාලය තුළ සිදුවූ බව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇතැයි පවසන මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙසේ පැවැසීය.
‘නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමයි මෙතනට අදාළ වෙන්නේ. ඒ සඳහා පූර්ණ බලතල පොලිසියට තිබෙනවා. අධිකරණය තිබෙනවා. වංචනික මූල්‍ය ගනුදෙනුකරුවන්ට අහුවෙන්න එපා කියලා ජනතාවට අපි හැම විටම කියනවා. සමහර හොර මූල්‍ය සමාගම් අවුරුද්දකට කිහිපයක් කඩා වැටෙනවා. ජනතාව බුද්ධිමත් විය යුතුයි.’
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට