චීනයට ලංකා රිලවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා ලාංකික රිලවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශව අදහස් පළ කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරන අතර තවත් සමහරුන් වල්ගය පාගා ගෙන කතා කරන බවක් පෙනෙන්නට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ලංකා රිලව් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලිමක් ඉදිරිපත් වුනත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූල භාවය ගැනත් අපි සලකා බැලිය යුතු අතර ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට