ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් දෙකේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳිඔයේ අතු ගංගාවකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් එකම පවුලේ පිරිසක් බව පොලීසිය පැවසීය. ඉන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබළෙකි.
අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට