Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෑට කරුවලේ : දවල්ට පෝලිමේ : ජනතාව පීඩාවට පත්කරන්න ආණ්ඩුවක් මොකටද : රුවන් විජේවර්ධන ප්‍රශ්න කරයි

මේ මහා ඛේදවාචකය පෙරමග ලකුණුයි

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන නොමැතිව වාහන අතර මග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු පෙන්වීමක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

රාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ගාල් කර ඇති බව පවසන විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන අර්බුදය හමුවේ ධීවරයන් ඇතුළු බහුතරයක් ජනතාවට තමන්ගේ වෘත්තීන් කිරීමට නොහැකි තත්ත්වයක් ද උදාවී ඇති බවයි.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ඇතිවීමට නියමිත ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවල් සැලසුම් සකස් කරද්දී ලංකාව පමණක් එවැනි අර්බුදයක් ඇති නොවන බව සිතමින් කල්මරමින් සිටින්නේ යැයි ද කීවේය.

මෙවැනි තත්වයක් තුළ මුනිවත රැකීමට ආණ්ඩුවක් අවශ්‍යදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රශ්න කරනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද පෙරවරුවේ මෙම අදහස් පළකළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති තරුණ හමුවකට එක්වෙමින්.

About The Author