රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
සංස්ථාවේ සභාපතිවරයා ඒ බව තහවුරු කළ බව ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය සඳහන් කරනවා.
සංගමයේ නියෝජිතයන් සහ සංස්ථා සභාපති වරයා අතර ති සාකච්ඡාවක දී ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා මේ බව ඔවුන්ට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය මාස දෙකේදී ද සංස්ථා සේවක වැටුප් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් දෙන ලද සහනයක් මත බවද සභාපතිවරයා පෙන්වා දී ඇති අතර අවස්ථා කිහිපයකදීම මේ කරුණ මුල් කර ගනිමින් පාලනාධිකාරිය සහ සේවකයින් අතර ගැටුම් නිර්මාණය වුණා.
නමුත් මෙම මාසයට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශ හරහා මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සභාපතිවරයා පවසා තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය මුල් කරගනිමින් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් 09 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය එම සංස්ථා පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ අද පෙරවරුවේයි.
ඊට පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ද එක්ව තිබෙනවා.
නමුත් සිදුව ඇත්තේ සේවක ප්‍රශ්නයට විසඳුම් ලැබීම වෙනුවට නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතාවයක් පැවැත්වූ බව සඳහන් කරමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇතුළු 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමයි.
ඒ මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා මහජන උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව යන බව පවසමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට