රටේ මුල්‍ය විනය අතිශය වැදගත්
හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබෙනවා.
ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩු බවට තොරතුරු ලැබී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා රජයේ විදේශ විනිමය සංචිතය පිළිබඳව පැහැදිලි තොරතුරු රජයටජ විසින් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුව තිබෙන බවද අවධාරණය කර තිබෙනවා.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 වන වගන්තියේ රාජ්‍ය මුදල් පාලනය පාර්මේලිමේන්තුව සතු බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්පාඩු පාර්ර්ලිශවය අදාළ තොරතුරු සභාවට ඉදිරිපත් කළ යුතු වුවත් සමහර තොරතුරු ඉදිරිපත් කර නොමැති බවද පෙන්වා දුන්නා.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු කරන බව දැනුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා සෑම මසකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
එවිට රටේ සත්‍ය ආර්ථික තත්වය පිළිබද අවබෝධයක් ඇති කර ගැනීමට සහ ඒ පිලිබඳ සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුවට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.
අද වන විට ශ්‍රී ලංකා රජය රටේ මුල්‍ය පද්ධතිය තුළට චීනයෙන් සහ ඉන්දියාවෙන් එන currency swap (මුදල් හුවමාරු)සහ credit line ඇතුළත් කර ඇති බව පවසා ඇති වික්‍රමසිංහ මහතා අදාළ ගණන් හිලව් පිලිබඳ වෙන වෙනම තොරතුරු ලබා දෙන ලෙසද දැනුම් දී ඇත්තේ රටේ මුල්‍ය තත්වය පිළිබඳව සඳහා තොරතුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඇති අයිතිය ද නැවත නැවතත් සිහිපත් කරමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි