Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය නිලධාරීන්ගේ කටවල් ගැටගහන්න පරණ චක්‍රලේඛයක් අලුතින් එවයි

සමාජ මාධ්‍ය ජාලවලට රාජ්‍ය නිලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දක්වනු ලැබීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයි දැක්වෙයි.

අදාළ චක්‍රලේඛය මෙසේය.

මේ ආකාරයෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මාසයේද ඉහත පැරණි චක්‍රලේඛ උපුටමින් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන මාධ්‍ය ස්වරූපයන් දෙකෙහි වෙනස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ නිසි අවබෝධයක් මෙම චක්‍රලේඛ නිකුත් කරන පුද්ගලයින්ට නොමැති බව පෙනෙන්නට තිබෙනවා.

මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයට අදාළ පුවත පහළින්..

රාජ්‍ය සේවයේ විනය රැකීමට බව පවසා ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ කටවල් වැසීමට යයි

About The Author