Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂ පවුලේ ආයෝජනයක් පිළිබඳ තොරතුරු කෙන්යාවේ වෙබ් අඩවියක

පාර්ලිමේන්තුව අන්ත දුෂිත හොර ගුහාවක් : ඉන්නේ පට්ට හොරු : හැකිනම් වරප්‍රසාද පනත යටතේ ගෙන්වා මට නඩු දාන්න – පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා ප්‍රසිද්ධියේ අභියෝග කරයි 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අන්ත දූෂිත හොර ගුහාවක් බවත්  එහි සිටින්නේ පට්ට හොරුන් බවත්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවට අපහාස කිරීම වරදක් බව තමා  දන්නා නමුත්   තමන් මෙම ප්‍රකාශය කිරීමට මැළි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

හැකිනම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ  මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව පියවර ගන්නා ලෙසද ඔහු අභියෝග කරනවා.

 වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව  වගකිවයුතු බවයි   ඔහු පවසන්නේ.

යහපාලන සමයේ  හොරු රැකීම  සම්බන්ධයෙන්   මෛත්‍රීපාල සහ රනිල්  වගකිව යුතුයි

යහපාලන රජය සමයේ ජනතාවට පොරොන්දු වූ  අයුරින් දූෂිතයන් නීතියේ රැහැනට හසු කර නොගැනීම සම්බන්ධයෙන්  වකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  අගමැති රනිල්  වික්‍රමසිංහ ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවද ලැසිල් ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළා.

ලැසිල් ද සිල්වා මහතා  ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  පත්කරන ලද 2005 – 2014 රාජපක්ෂ පාලන සමයේ සිදු වී ඇති බව පැවසුන වංචා දුෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ ලේකම් වරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් 2016 වසරේදී ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකොට ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ කිසිදු පැහැදිලි හේතුවක් නොදක්වායි.

මේ සම්බන්ධයෙන් ලැසිල් ද සිල්වා මහතා අදහස් පළ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම ස්වාධීන නැහැ –  මහින්ද දේශප්‍රිය  බරපතළ වරදක් කළා

ශ්‍රී ලංකාවේ ඇති  ස්වාධීන කොමිසන් සභා පිළිබඳව අදහස් පළ කරමින්  ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ   රටේ අධිකරණය මෙන්ම  කොමිෂන්  සභාවේ දේශපාලනඥයන්ට යටත් ව ඇති බවයි.

උදාහරණයක් ලෙස  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට අදාළ සිදුවීම ඔහු විසින් මතු කරනු ලැබුවා.

රාජපක්ෂ පවුලේ ආයෝජනයක් පිළිබඳ තොරතුරු කෙන්යාවේ වෙබ් අඩවියක 

රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ ආයෝජනයක් පිළිබඳව කෙන්යාවේ වෙබ් අඩවියක ද වාර්තාවක් පලවී ඇතැයි  ලැසිල් ද සිල්වා මහතා  Mee Massoo TV  සමග පැවති මෙම සාකච්ඡාවේදී  අනාවරණය කරනු ලබනවා.

ඔහු සඳහන් කරන්නේ  එවැනි සිදුවීම් පිළිබඳ විශ්වාස කිරීමට සිදුවන බවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය,   රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය,  නීතියේ ස්වාධීනත්වය  බිඳවැටීම සම්බන්ධයෙන් ද   ලැසිල් ද සිල්වා මහතා  නිදසුන් සහිතව මෙම සාකච්ඡාවේදී කරුණු හෙළි කිරීම විශේෂත්වයක්. 

About The Author