Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

‘රාජපක්ෂ පවුලේ අර්බුධය’ ගැන ගෝඨාභය මුල්වරට ප්‍රසිද්ධියේ කතා කරයි – “අපි සහෝදරයෝ, අපේ පවුල්වල අර්බුධ හදන්න කාටවත් බෑ” කියයි

“රාජපක්ෂ පවුලේ අර්බුධය” පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් වරට මාධ්‍ය හමුවේ අදහස් පළකර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග පසුගියදා (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අපි සමස්තයක් විදියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අපේ විතරක් නෙමෙයි මුළු ආසියාවේ ම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කවුරුත් දන්නවා. එතුමාගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට ළං විය නොහැකියි. එවැනි නායකයෙක් නායකත්වය දෙනකොට රට ගෙනියන මට විශාල සහනයක් කියලා හිතෙනවා. අපි ජයග්‍රහණය කිරීමේ දී ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ කියලා මට හිතෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ රජයක් බිහි කරලා රජයක් නිර්මාණය කරන්න රටේ වාතාවරණය සකස් කිරීම ගැන අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මෙවැනි නායකයින් දෙදෙනෙක් ඉන්න රජයක් ඉදිරියට ගෙනයෑමට ඉතාම පහසුයි. ඒ නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී මම බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කොපමණ දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවක දී කිසිම බලපෑමක් කරලා නෑ කිසිදු පත්වීමක දී. මම හොඳටම දන්නවා එතුමා කිහිපදෙනෙකුට කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න කියලා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාත් කිසිදු අවස්ථාවක දී කිසිදු බලපෑමක් කිසිදු පත්වීමට හෝ කිසිදු දේකට. විශේෂයෙන් අවුරුදු 60කට ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. මම දන්නවා විජේරාමයේ දොරක් අරින්න බෑ පිරිලා සෙනඟ. එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරව දන්නවා නමුත් අපි කිසිම විටක අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවා කියලා මම නිර්භයව කියනවා. “

About The Author