මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපතම ඉන්දීය දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි ලංකාවේ තත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය හමුදාව යෙදවිය යුතු බවට ඔහු ට්වීටර් පණිවිඩයක සඳහන් කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව නැවත බලයට ගෙන ඒම දක්වා සුවිශේෂි කාර්යභාර්යයක් ඉන්දියාව තුළ සිට සුබ්‍රමනියම් ස්වාමි විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු වශයෙන්ද ක්‍රියා කරන ඔහු මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යෙදවිය යුතු බව සඳහන් කිරීම බරපතල තත්වයකි.
ඔහු එහ ට්වීටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යෙදවීම එරට ජාතික ආරක්ෂාවට බලපාන ක්‍රියාමාර්ගයක් බවය.
ඉන්දියාවේ අන්තවාදී පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ සභාපති වන සුබ්රමනියම ස්වාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
පහළින් දක්වෙන්නේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යයට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි