Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂලාට රට අනාරක්ෂිත කොට බලය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය සිදු කළා – චැනල් 4 ඇඟ කිලිපොළා යන අනාවරණයක (Video ව සහිතයි)

චැනල් 4 හි ආන්දෝලනාත්මක වාර්තාමය වැඩසටහන සමඟින් මෙරට දේශපාලනය තුළ සීතල අර්බුදයක් නැවත නිර්මාණය වී තිබෙනවා.

අදාළ වාර්තාමය වැඩසටහන හරහා අනාවරණය කර තිබෙන්නේ රට අනාරක්ෂිත කොට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය දියත් වූ බවයි.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ, මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සුරේෂ් සලේ මහතා සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇති බවය.

ඊට අනුව මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශකි.

අද නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවය.

ඊට පෙර සයිනී මවුලවී නමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා මහතා ප්‍රකාශ කර තිබේ.

පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කරයි.

රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් පැවසීයැයි අසාද් මවුලානා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් චැනල් 4 නාළිකාව පවසන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රතිචාර නොදැක්වු අතර සුරේෂ් සලේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවය.

සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බව සලේ මහතා පැවසූ බවද චැනල් 4 නාළිකාව පවසයි.

About The Author