කාබනික පොහොර ව්‍යාපෘති හිතවතුන් අතට : ප්‍රමිතියක් නැති පොහොර ගොවියන් අතට – කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ හිටපු සාමාජික මහාචාර්ය බුද්ධි මාරඹේ නැවතත් බරපතළ හෙළිදරව්වක
ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතය තහනම් කරන බවට සන්දර්ශනාත්මකව කතා කළ ආණ්ඩුව වකුගඩු සහ පිළිකා රෝග ඇති කළ හැකි බවට විද්‍යාත්මකවම සනාථ වී ඇති නියමිත ප්‍රමාණයට ඉහල අගයක ඇති ප්‍රමිතියෙන් තොර බැර ලෝහ අඩංගු පොහොර ටොන් 18000 ක් කෘෂිකර්මාන්තය සඳහා මුදා හැර ඇති බවට හෙළිවුණා.
ඊයම් අඩංගු මෙම පොහොර තොගය මුදා හැර ඇත්තේ වී වගාව වෙනුවෙන්.
මීට අමතරව මේ වන විට රජයේ ආශිර්වාදය සහ මුල්‍ය ප්‍රතිපාදන ද ලබා ගනිමින් යම් ව්‍යාපාරිකයින් කණ්ඩායමක් කාබනික පොහොර නිෂ්පාදනයේ යෙදෙන බව සඳහන් කළ මහාචාර්යවරයා එම පොහොර වල ගුණාත්මකභාවය තත්වය පරික්ෂා කිරීමකින් තොරව ඒවා ගොවීන් අතට පත් කිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය කළා.
පසුගියදා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් සඳහන් කළ චීන පොහොර නෞකාවක් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන බවට වූ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වැදගත් අනාවරණයක් සිදුකළා.
ඒ Mee Massoo TV සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !