Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රසානික පොහොර තහනම් කතාව ගජ බින්නයක් වෙයි – යුරියා මෙට්‍රික් ටොන් 10 000 ක් කොළඹ වරායේ ගොඩබායි

ජනාධිපතිට හිතවත් සමාගම් වලට රසායනික පොහොර ගෙන්වීමට අවසර දී ඇති බවට චෝදනා..

ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී පසුගියදා ශ්‍රී ලංකාවට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කර ඇති බව හෙළිව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සමහතා මෙම කරුණ මුල් වරට අනාවරණය කළේ අදාළ ලිපි ගොනුද මාධ්‍යයට ඉදිරිපත් කරමින්.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී ඇතුළුව අවස්ථා ගණනාවකදී රසායනික පොහොර ආනයනය තහනම් කරන බව පැවසූවා. එසේ තිබියදී දැන් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා ජූලි මාසේ 09 වැනිදා කොළඹ වරායට යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් ගෙනත් තිබෙනවා කියලා. අපි දැනගන්න කැමතියි ජනාධිපතිවරයා දන්න කියන යම් යම් සමාගම්වලට රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තිබෙනවාද කියලා. අපි දැනගන්න කැමතියි ජනාධිපතිවරයා තවමත් රසායනික පොහොර ආනයනය තහනම්කරන තීන්දුවේ ඉන්නවාද කියලා. මේ අවසරය දීලා තිබෙන්නේ කවුද? මොකද මේ යූරියා මෙට්‍රික් ටොන් 10,000 ලංකාවට ගෙනල්ල තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රේගු වාර්තා තිබෙනවා.” යනුවෙන් පැවසීය.

පොහොර ගෙන්වීමට අදාළ ලේඛණය පහතින්….

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අප්‍රේල් මාසයෙන් පසු රසායනික පොහොර කිසිවක් මෙරට ආනයනය නොකළ බව සපථ කරමින් කියා සිටියා.

About The Author