Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රයන් මිය යයි

දින හතරක් තිස්සේ ළිඳක සිරවී සිටි පස් හැවිරිදි මොරොක්කෝ පිරිමි දරුවා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුව ද දරුවා මිය ගොස් ඇති බවට වාර්තා වේ.

ඔහු ළිඳෙන් ඉවතට ගත් වහාම ඔහුගේ මරණය පිළිබඳ ප්‍රකාශයක් රජය විසින් නිවේදනය කෙරිණි.

ඒ වන විට සිය ගණනක් ජනයා ළිඳ අසලට රැස්ව සිටි අතර තවත් දහස් ගණනක් අන්තර්ජාලය ඔස්සේ අනුගාමික වෙමින් රයන් නිදහස් කර ගැනීමට ප්‍රාර්ථනා කරමින් සිටියහ.

පිරිමි ළමයා ළිඳේ පටු විවරයක් හරහා මීටර් 32 (අඩි 104) ක් ගිලී සිටියේ ය. එනමුත් නාය යෑමක් සිදුවේ යැයි බියෙන් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබිණි.

අවසානයේ සෙනසුරාදා සවස ගලවාගැනීම්කරුවෝ පිරිමි ළමයා ළිඳෙන් පිටතට ගෙන ආහ.

ඔහුගේ තත්ත්වය පිළිබඳව ඒ වන විට කිසිදු වචනයක් ප්‍රකාශ කර නොතිබූ අතර, ආරම්භයේ දී රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා කළහ.

රට පුරා සහ ඉන් ඔබ්බටත් #SaveRayan හැෂ් ටැගය භාවිතා කරමින් ජනතාව ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළහ.

නමුත් මෙය හද කම්පා කරවීමට පෙරළුණේ මිනිත්තු කිහිපයකට පසුව රයන් මිය ගිය බවට ප්‍රකාශයක් නිකුත් වීමත් සමඟය.

පසුව ජනතාව එම හැෂ් ටැගය භාවිතා කරමින් උපහාර දැක්වීමට සහ දුක ප්‍රකාශ කිරීමට පටන් ගත්හ.

“රයන් ගේ ධෛර්යය අපගේ මතකයන් තුළ රැඳෙනු ඇති අතර දිගටම අපව දිරිමත් කරනු ඇත,” රාජ්‍ය ප්‍රධානී Ismael Bennacer ප්‍රකාශ කර තිබේ.

About The Author