Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිලුයි බැසිලුයි බේරන්න අගවිනිසුරුවරයා සිය ධුරය අවභාවිතා කරනවා

ලිපි ගොනු සඟවා : අධිකරණයේ ස්වාධීනත්වය පාවා දී ඇති බවට චෝදනාවක්

රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පවරා ඇති නඩු දෙකක් අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිතාමතා විභාගයට ගැනීමට ප්‍රමාද කරමින් සිටින බවට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

එකී නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම නොකරමින් පසුගිය ජුලි මාසයේ සිට අදාළ නඩු ගොනු දෙක අගවිනිසුරුවරයා විසින් සිය නිල මැදිරියේ රදවාගෙන සිටින බවට තමාට තොරතුරු ලැබී ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කර තිබෙනවා.

අදාළ නඩු වල වගඋත්තරකරුවන්ගේ නීතිවිරෝධීව පාර්ලිමේන්තුව ඇතුළත්වීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට බැලූ බැල්මට ම තහවුරු වී ඇති අවස්ථාවක අගවිනිසුරුවරයා ලෙස එම නඩුව විභාග කිරීමට දින නියම කිරීමෙන් වැළකී සිටීම බරපතළ ගැටලුවක් බවයි නාගානන්ද මහතා පෙන්වා දෙන්නේ.

නඩුවක උත්තරකරුවන්ට වාසියක් ලබා දීමට දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගවිනිසුරුවරයා විසින් උල්ලංඝනය කරමින් සිටින බවත්, අධිකරණයේ ස්වාධීනත්වය විධායකය ඉදිරියේ පාවා දීමට ඔහු කටයුතු කර ඇති බවටත් නාගානන්ද කොඩිතුවක්කු මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා වෙත යොමු කර ඇති ලිපියෙහි සඳහන්.

ඒ අනුව අදාළ නඩු විභාග කිරීම සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසද නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටිනවා.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ලිපිය පහලින්..

About The Author