ගුරු වැටුප් ප්රශ්නය පැය 48න් විසඳන විදියත් කියයි : යහපාලනය රාජ්‍ය සේවක වැටුප් 107% වැඩි කළ හැටි මතක් කරයි
යහපාලන රජයේ සමයෙහි රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 107 කින් වැඩි කිරීමට හැකිවූ බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මෙම සාධනීය පියවර ගැනීමට හැකි වූ බවයි.
වත්මන් රජය විසින් අද වන විට ගුරුවරුන් පාරට ඇද දමා ඇති බවත් එලෙස විරෝධතාවේ නිරත වන ගුරුවරුන් ද මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – II මූලික වැටුප රුපියල් 13,410.00 ට තිබුණු අතර එය රුපියල් 27,740.00 දක්වාත්, ගුරු සේවයේ 3 – IC, 3 – IB, 3 – IA මූලික වැටුප රුපියල් 14,280.00 ට තිබුණු අතර එය රුපියල් 29,540.00 දක්වාත් වැඩි කරමින් 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිදු කළ සාධනීය පියවර බවයි.
ගුරු සේවයේ 2 – II මූලික වැටුප රුපියල් 16,100.00 ට තිබුණු අතර එය රුපියල් 33,300.00 දක්වාත්, ගුරු සේවය 2 – I මූලික වැටුප රුපියල් 18,950.00 ට තිබුණු අතර එය රුපියල් 35,130.00 දක්වාත් ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 – I මූලික වැටුප රුපිල් 21,750.00 එය රුපියල් 44,550.00 දක්වා වැඩි කරන ලද අයුරු බොහෝ දෙනෙකුට අමතක් වූ බවත් වජිර අබේවර්ධන මහතා සිහිපත් කළා.
ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ III ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,060 ට තිබුණු අතර එය රුපියල් 35,280 දක්වාත් ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ II ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 19,370.00 ට තිබුණු අතර එය රුපියල් 40,040 දක්වාත් ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ I ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 22,415.00 ට තිබුණු අතර එය රුපියල් 46,325.00 දක්වාත් වැඩි කිරිමට යහපාලන රජය කටයුතු කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ සංඛ්‍යාලේඛන ද උපුටා දක්වමින්.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියේ මූලික වැටුප රුපියල් 22,935 ට තිබුණු අතර එය රුපියල් 47,615.00 දක්වාත් , ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II පන්තියේ මූලික වැටුප රුපියල් 30,175.00 ට තිබුණු අතර එය රුපියල් 62,595.00 දක්වාත් , ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ මූලික වැටුප රුපියල් 36.755.00 ට තිබුණු අතර එය රුපියල් 76,175.00 දක්වාත් වැඩිකළ අයුරුද ඔහු සිහිපත් කළේ ඒ සියල්ල සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබුණු බවද සඳහන් කරමින්.
එදා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන රජය ගුරුවරුන්ගේ වැටුප් මේ අයුරින් ඉහළ නොදැමුවා නම් අද ඔවුන් ජීවත් වෙන අසීරුතාවය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බවද සිහිපත් කළා.
ගුරුවරුන් වර්තමානයේ මුහුණ දෙන වැටුප් විෂමතාවය පැය 48ක් තුළ විසඳුම් ලබාදීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතා සතු බවත් 2023 වසරේදී ඔහු එය ඉටුකරනු ඇති බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙල සම්බන්ධව ගාල්ල කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි