ඉදිරියේදී මැරෙන ගාන කිව්වොත් තමුන්නාසේලාට නින්ද යන එකක් නෑ
කොරෝනා වසංගතය බරපතලම සහ උච්චතම අවස්ථාවකට පත් ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකය එක් වෙමින් ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර වාර්තා , ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව රජයට මේ පිළිබඳ අනතුරු ඇඟවීම් කළ ද රජය ඒවා කිසිවක් තැකීමකට නොගත් බවයි,
මේ වන විට රෝහල් පද්ධති සියල්ල කඩා වැටි ඇති බව පවසන රාජිත සේනාරත්න මහතා තමන්ට ලැබෙන තොරතුරු අනුව සැප්තැම්බර් මාසය වන විට තත්වය තවත් බරපතල වනු ඇති බවයි.
කොරෝනා මර්ධනය වෙනුවෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳ පසුගියදා ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යුධ හමුදාව අත්තනෝමතික ලෙස මැදිහත් කරවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කළා.
ඔහු පෙන්වා දුන්නේ සෞඛ්‍ය අංශ ප්‍රමුඛතාව ගනිමින් කළ යුතු බොහෝ කටයුතු හමුදාකරණයට ලක් කිරීම සුදුසු නොවන බවයි.
මේ පිළිබඳ අදහස් පළ කළ රාජිත සේනාරත්න මහතාද කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය හරහා සෞඛ්‍ය බලධාරීන්ට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ හෙළි දරව්වක් ද සිදු කළා.
එහිදී මාධ්‍යවේදියෙකු අදාළ කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් හිටපු අග්‍රමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිදුකළ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා.
එයට ප්‍රතිචාර දැක්වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් යුධ හමුදාපතිවරයාට පැහැදිලි පිළිතුරක් ලබා දෙන අයුරු දක්නට ලැබුණේ රට මිලිටරිකරණයකට ලක්වී ඇතැයි සිතමින් හමුදාපතිවරයා ක්‍රියාකරන බවට චෝදනාවක්ද සිදු කරමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට