වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.
ඒ පිලිබදව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද සදහන්ය.
මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බවයි.
රාමනායක මහතාට නිදහස ලබා දීමට අදාල ලියකියවිලි මේ වන විටත් අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති බවද වාර්තාවනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ද මෙම තොරතුර තහවුරු කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට