මහාචාර්ය සොයිසාගේ බිදුණු සිත සුවපත් කරයි
නායකත්වය වගකිව යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන රැසක ක්‍රියාකාරීව කටයුතු කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා මහතා පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව සඳහන් කළා.
දේශපාලන වශයෙන් කටයුතු කිරීමේ දී තමන්ට ඇති වූ සිත් තැවුල මෙම ඉල්ලා අස්වීමට හේතු වූ බවයි ඔහු සඳහන් කළේ.
මීට ආසන්නතම සිදුවීම මහාචාර්යවරයා ද මූලික වී සකස් කරන ලද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලන විද්‍යා ඇකඩමිය පිළිබඳ නිර්මාණය වූ ප්‍රශ්නයක් බවයි අප වෙත වාර්තා වුණේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සම්ප්‍රේෂණය වීමේ ගැටළුවක් හේතුවෙන් මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.
ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීම සම්බන්ධ පුවත දැන ගත් වහාම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාචාර්යවරයා අමතා කරුණු පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
එයින් ද නතර නොවූ වික්‍රමසිංහ මහතා පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මහනුවර පිහිටි මහාචාර්යවරයාගේ නිවෙස වෙත පිටත් කර තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසද උපදෙස් ලබාදෙමින්.
අද(09) උදෑසන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මහාචාර්යවරයා හමුවී සාකච්ඡා කර සිද්ධිය සමථයකට පත් කර ගෙන තිබෙනවා.
සබැඳි පුවත – නායකත්වය වගකිව යුතු බව පවසමින් දේශපාලන විද්‍යා මහ ඇදුරිඳු මහාචාර්ය සොයිසා එජාපය හැරයයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට