හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නවීන් දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව පසුගිය දා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය මෙලෙස නවීන් දිසානායකට ලබා දී තිබේ.
කෙසේ වෙතත් නවීන් දිසානායක මහතා පසුගිය කාල වකවානුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන මත ගැටුමක් ඇති කර ගෙන තිබු අතර පක්ෂයේ දේශපාලන කටයුතුවලින් පවා ඈත් වන බව සඳහන් කළා.
නමුත් පසුව ඔහු නැවත රනිල් වික්‍රමසිංහ මහතා සමගින් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද පසුගිය කාලයේ දක්නට ලැබුණා.
Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මීට වසරකට පමණ ඉහතදී නවීන් දිසානායක මහතා පළ කළ අදහස් පහලින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට