Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් ඩීල් කාරයෙක් කියා විරෝධතාකරුවන් රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධයේ : රනිල් ඩීල් කාරයෙක් බව එජාප මහලේකම් කියයි

කොලඹ 07 පස්වන පටුමගේ පිහිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙමින් තිබෙනවා.

විරෝධතා කරුවන් පවසන්නේ වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව සමඟ රහස් ගනුදෙනුවක සිටිමින් රාජපක්ෂ පාලනය ආරක්ෂා කරන බවයි.

පසුගියදා නියෝජ්‍ය කතා නායක පත් කිරීමේ ඡන්ද විමසුම පැවැත්වුණු දින පෙරවරුවේ වික්‍රමසිංහ මහතා විසින් ආන්දුවඩ් සහය ලබා දුන් නාම යෝජනාව වූ රංජිත් සියඹලාපිටිය මහතාට සහය දක්වන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව ට දෙමල ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්‍යන් මන්ත්‍රීවරයා චෝදනාවක් ද එල්ල කරනු ලැබුවා.

පසුව හෙළි වුයේ අවසන් අවස්ථවේ ආණ්ඩුව විසින් රංජිත් සියඹලාපිටිය මහතාට සහය ලබා දීමට තීරණය කලද විපක්ෂයේ සැලසුම වී තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන ව සිටි රංජිත් සියඹලාපිටිය මහතාට සහය ලබා දී ඔහු නියෝජ්‍ය කතා නායක ධුරයට පත් කිරීම බවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ දුෂියින් ආරක්ෂා කරන බවට සහ ඔවුන්ට රැකවරණය සලසන බවට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වූ අතර යහපාලන රජය සමයේදී හොරු රැකීම සම්බන්ධයෙන් එජාපයට බරපතල චෝදනාවක් එල්ල වුණා.

පසුගියදා Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම ඩීල් සම්බන්ධව සහ අර්බුදය හමුවේ සිය පක්ෂයේ කාර්යභාරය පිළිබඳව මෙලෙස අදහස් පළකලා.

About The Author