ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිටයි.

මේ අතර ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අසාමාන්‍ය ආකාරයේ විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා.
8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමට නියමිතව තිබූ අතර සෙසු රූපවාහිනි නාලිකා මගින් එය සමගාමී විකාශයක් ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබුණා.
නමුත් ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වීමෙන් පසු එම සජීවී විකාශය නතර වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවූ විදුලිය බිඳ වැටීම මීට හේතුව බවයි වාර්තාවන්නේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක දී සාමාන්‍යයෙන් විනාඩි දෙකක් වැනි කෙටි කලකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර ජනපති දිවුරුම් දෙන අවස්ථාවේ විනාඩි දහයක පමණ කාලයක් ගතවන තුරුත් විදුලි සැපයුම යථා තත්වයට පත් කරගැනීමට හැකිවී නැහැ.
මෙම සිදුවීම යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද වාර්තාවනවා.
පසුගියදා (09) රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තබන මොහොතේ ද ප්‍රදේශයේ විදුලිය බිඳවැටීමක් සිදුව තිබු අතර එය සාමාන්‍යයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට තිබු අවස්ථාවෙන් පරිබාහිරව සිදුකර ඇති බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළා.
©මව්රට


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට