Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් එජාපයේ ජාතික සංවිධායක තනතුර සාගල ට දෙයි : රුවන් වෙනුවෙන් කතා කළ අනුරාධනායක කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එළියට විසිවෙයි

නවීන් දිසානායක තනතුර භාර ගන්න බෑ කියලා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සාගල රත්නායක මහතා පත් කර තිබෙනවා.

මීට පෙර සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති තනතුර හොබවනු ලැබුවා.

2021 වසරේ ජනවාරි මාසයේ එක්සත් ජාතික පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තොර පත් කර ගැනුණු අතර එහිදී සාගල රත්නායක මහතාට අදාළ ජේෂ්ඨ උපසභාපති තනතුර හිමිවුණා.

එජාපයේ තනතුරු රැසක් අලුත්වෙයි!! රවීගේ තැන අකිලට : රනිල් එතනම

නවීන් දිසානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර හිමි වූ නමුත් ඔහු එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව වසරකට වඩා වැඩි කාලයක් පුරප්පාඩුව පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා සාගල රත්නායක මහතා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි.

රුවන් වෙනුවෙන් කතා කළ අනුරාධනායක කෘත්‍යාධිකාරියෙන් එළියට විසිවෙයි

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ දැඩි විවේචනයක් සිදුකරමින් පසුගිය දිනක පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී අදහස් පළ කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට පක්ෂයේ ඉදිරියේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී ඇතිවී තිබෙන බාධාකාරී තත්ත්වයන් සහ නිසි අයුරින් ජේෂ්ඨයන්ගේ සහාය නොලැබීම සම්බන්ධයෙන් කස්තුරි අනුරාධනායක මහතා දැඩි විවේචනයක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට තොරතුරු දැනගන්නට තිබෙනවා.

About The Author