එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපදේශක තනතුරක් ලබාදීමට යෝජනා කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.
සමගි ජනබල වේගයේ බහුතරයකගේ මතය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන පාලනයකදී වික්‍රමසිංහ මහතා උපදේශක වරයකු ලෙස තබාගත යුතු බව යැයි ඒ මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා යනු අත්දැකීම් බහුල නායකයෙකු බැවින් ඔහුගෙන් රටට විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැකි බවයි.
කඩාවැටී තිබු රට ගොඩගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් හා පලපුරුද්ද ඉදිරි පාලනයකදී අත්‍යවශ්‍ය වනු ඇතිබව සංජය පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකතු කිරීම සඳහා වන සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බව පැවසූ ඒ මහතා දෙපාර්ශවයේ එකඟත්වය මත ඉතා කෙටි කාලයකින් එම කටයුතු සාර්ථකව අවසන් කෙරෙනු ඇති බව තවදුරටත් සිහිපත් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට