බැසිල් රාජපක්ෂගේ තනතුරු කිසිවක් නීත්‍යානුකූල නැහැ : අයවැයටත් අභියෝගයක්
රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ රාමනායක මන්ත්‍රීවරයා ගත කිරීම පිටුපස වගකීම නීතීඥයෙකු වෙත පැවරෙන බවයි.
කොඩිතුවක්කු මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවේ Mee Massoo TV සමගින් පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙරට අධිකරණයේ විනිසුරුවරුන් අතර දූෂිත පුද්ගලයින් සිටින බවද සඳහන් කළා.
බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධූරය නීති විරෝධී බවට නීති තර්කයක් මතු කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඒ අනුව මෙවර අය-වැය ද අභියෝගයට ලක්වන බව පෙන්වා දුන්නා.
අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මෙන් ම මතභේදාත්මක අදහස් රැසක් ද මෙහි දී ඔහු විසින් හෙළි කිරීම විශේෂත්වයක්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි